සබරගමුවේ සිද්ධිය සම්බන්ධව  සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට

යසංග මහවිතාන

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු බව පොලීසිය පවසයි.

අදාළ  සිදුවීම සම්බන්ධයෙන්   පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2 වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් පමණ ප්‍රකාශ ලබා ගන්නා ලදී. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (CID) ට භාර කෙරෙන්නේ ඉන් අනතුරුවය.ඔවුන් විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *