සංජීවනී පද්මසේන
පොලොන්නරුව, මඩකලපුව දුම්රිය මාර්ගයට අද දින විශේෂ අමුත්තෙකු පැමිණ ඇති බව ප්‍රදේශවාසීන් දැක තිබුණි. ඒ දුම්රිය මාර්ගයට පැමිණ සිටි විශාල කිඹුලෙක් වූ අතර ඒ බව ප්‍රදේශවාසීන් විසින් වහා වැලිකන්ද වනජීවී නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර ඇත.
එහිදී වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් ද සමඟ එක්වී විශාල පරිශ්‍රමයක් දරා කිඹුලා ඒ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. දුම්රිය මාර්ගයෙන් ඉවත් වීමට දැඩි අකමැත්තක් දැක්වූ කිඹුලා විශාල වෙහෙසක් දරා ඒ අසළ වැවකට මුදා හැරීමට ඔවුහු සමත් වූහ.
කිඹුලාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් කිඹුලා සතුටු වූයේ ද නැතහොත් දුම්රිය සවාරියට බාධා කිරීම නිසා කෝපයට පත් වූයේ ද යන්න නොදන්නා නමුත් ඒ කිඹුල් ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් truthlk වෙබ් අඩවියේ අපි වනජීවී නිලධාරීන්ට ද ප්‍රදේශවාසීන්ට ද ස්තූතිය පුද කරන්නෙමු. ඒ අප සොභා දහමට ද වනජීවීන්ට ද බොහෝ ආදරය කරන පිරිසක් නිසාවෙනි.


