කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවට සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරියෙකු සහ සහකාර සැලසමු අධ්‍යක්ෂිකාවකුත් රිමාන්ඩ්. දැන් ඔක්කොම සැකකාරයෝ පහයි. තව ගන්න ඉන්නවලු.
අජිත්ලාල් ශාන්තඋදය
පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක් (71,645,226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙකු සහ මේ වන විට නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන කාන්තාවක් මැයි මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා 29දා නියෝග කළේය.
පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ මේ වන විට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරිය ල යන දෙදෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත්විය. ඇය මෙම මුල්‍ය වංචාව සිදුවන විට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර තිබුණි.
ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ එම දෙපාර්තමේන්තුවට බාරවීමෙන් පසුව ය.
මේ මුල්‍ය වංචාව සිදුව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති හැත්තෑ හතක් සම්බන්ධයෙනි. මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කළ සේවකයින් තිදෙනෙකුගේ සේවය මීට පෙර තහනම් කර තිබුණි. එසේ තහනමට ලක්වු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරී , හිටපු ලේකම්වරයෙකු සහ හිටපු විෂය ලිපිකරුවෙකු යන තිදෙනා මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර රිමාන්ඩ් භාරයට පත්කර තිබුණි.
2016 සහ 2017 යන වර්ෂවල සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව වෙත මෙම මුදල් ලබාදි තිබුණු බව ප්‍රකාශ වී ඇත.
සැකකරුවන් දෙදෙනෙක් මුලින් ම අත්අඩංගුවට ගෙන තිබුණි. මාර්තු 31දා තවත් සැකකරුවතු වු . ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විෂය ලිපිකරුවෙකු පසුව අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් තිදෙනාද අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.
මෙම මුල්‍ය වංචාව සිදුවු 2016-2017 වනවිට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිත පාලනය අවසන්ව තිබුණි. සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්ව ආ බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන අය විසින් 2023 ජනවාරි 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ අංශය වෙත මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කරන ලදී.
මෙම වංචාව සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත මූලික විමර්ශනයක් පවත්වා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්, විෂය ලිපිකරු සහ තාක්ෂණ නිලධාරියා යන සැකකරුවන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබුණි.
මාර්ග ව්‍යාපෘති පහළොවක්, පස්කපන මාර්ග ව්‍යාපෘති දහතුනක්, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ මාර්ග දොළහක්, තාරයොදා සංවර්ධනය කළ මාර්ග දොළහක්, ග්‍රෙවල් යොදා සංවර්ධනය කළ මාර්ග හයක්, ක්‍රීඩා පිටි දොළහක් යන ව්‍යාපෘති වලින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය (03) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.එම්. සාජිත් මහතා විසින් සැකකරුවන්ට එරෙහිව බී වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙකී පැමිණිල්ල අනුව විමර්ශන තවම අවසන් නැති බව පැමිණිල්ල විසින් අධිකරණය වෙත් කරුනු දැක්වීය. ඒ අනුව සැකකරුවන් රිමාන්භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය මැයි 08දිනට නියම කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රධාන පෙලිස් පරීක්ෂක සජිත්, උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.යූ. තාරුක, සැරයන්වරුන්වන 61237 ඒ.එම.එන්.ඩී.අත්තනායක, 71838 පුෂ්ප කුමාර, කොස්තාපල් 79126 කේ.එම්.ආර්.ජයවර්ධන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.
(සදාචාරාත්මක මාධ්‍ය සේවාවක් සඳහා ඇප කැප වී සිටින බැවින් සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් බව ප්‍රකාශ කරනතුරු ඔවුන්ගේ නම් හෙළි කිරීමෙන් වැලකී සිටින බව කරුණාවෙන් සලකන්න.)
