වවුනියාව මාධව කුලසූරිය.
කිලිනොච්චිය,කරියාලෙයි,නාගපඩුවාන් වැවේ ගිලීමෙන් ඊයේ(03) සවස 14 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ පදිංචි මලර්වන්නන් විදූෂන් නමැති දරුවෙකු එලෙස වැවේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
