සංජීවනී පද්මසේන
වතිකානුවේ සිස්ටයින් දේවස්ථානය විසින් නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ විශේෂිතම කටයුත්ත වන දුම්කවුළු හෙවත් චිමිනිය සවි කිරීම සිදු කළ බව දන්වා සිටියි.
මෙම චිමිනියෙන් නිකුත් වන දුමාරය මඟින් කාදිනල්වරුන්ගේ ඡන්ද තත්ත්වය විකාශනය කරන අතර සුදු දුමාරයක් ඉන් පිට වන්නේ නම් නව පාප් වහන්සේ තෝරා පත්කරගෙන ඇති බවත් කළු දුමාරයක් පිටවන්නේ නම් කිසිම අපේක්ෂකයෙක් තුනෙන් දෙකක බහුතරයක් ලබා නොමැති බවත් දන්වා සිටියි.
ලොව පවතින වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙස සැලකෙන මෙම පාප්වරණය මැයි මස 07 වන දින සිදු කිරීමට නියමිත අතර සිස්ටයින් දේවස්ථානය මේ දිනවල එම කටයුත්ත සඳහා විශේෂ සූදානම් කිරීමේ ක්‍රියාවලියෙහි නිරත වී සිටියි.
