මුතූට බඹර ප්‍රහාරයක්

සංජීවනි පද්මසේන

තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සුන්දර මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තයට භාර දීමට සිදුවූයේ හස්තියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහාය. 

එහිදී ප්‍රතිකාර ලබා නීරෝගී සතුටුදායක දිවියක් ගත කළ මුතුරාජා බඹර ප්‍රහාරයකට ලක් වී ඇතැයි ඔහු රඳවා සිටින තායි අලි මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහු මේ දිනවල ප්‍රතිකාර ලබමින් විවේකීව කාලය ගත කරන බව එම මධ්‍යස්ථානය පවසා සිටියි. 

අපට අහිමිව ගිය අපේ සුන්දර මුතුරාජා ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *