හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් රිදී ආභරණ  පොලිස්පතිවරයාට භාරදෙයි

යසංග මහවිතාන

යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබී හමුදා හාරයට ගන්නා ලද සිවිල් වැසියන්ගේ රන් හා රිදී  ඊයේ (2) වැඩ බලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ. ඒ බත්තරමුල්ලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදීය.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් භාර ගනු ලැබූ එම රන් හා රිදී අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට නියමිත බව කියැවේ. ඊට පෙරාතුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින්ම එම භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ යුතුවේ.

අදාළ භාණ්ඩවල අයිතිය සම්බන්ධයෙන් හිමිකාරීත්වය තහවුරු කළ හැකි සිවිල් වැසියන්ට තම හිමිකාරීත්වය සනාථ කොට එම භාණ්ඩ ලබා ගත හැකි බවද යුධ හමුදාව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *