තරංග ගුණරත්න
මාතර බන්ධනාගාරයේ සිදුකළ පරීක්ෂාවකදී ජංගම දුරකථන තිස්පහක් ක්, සහ මුදලින් රුපියල් දස දහසකට ආසන්න මුදලක් හා මාංචු යතුරු විස්සක් සොයා ගත්බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මාතර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමේ සිද්ධියක් මත එයට එරෙහි වෙමින් රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපලට හානි කරමින් නොසන්සුන්කාරී තත්ත්වයක් (22 ) රාත්රී හටගෙන තිබුණි
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබමින් එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.
අනතුරුව තවදුරටත් තත්වය අයහපත් වීම සමඟ එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ පොලිසිය කැඳවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.
කෙසේ වෙතත් මාතර බන්ධනාගාරයේ ගොඩනැගි සහ දේපළවලට දැඩි ලෙස හානි කිරීම නිසා එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට බලධාරීන් කටයුතු කළහ.
මේ අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර බන්ධනාගාරයේ සිදුකළ පරීක්ෂාවකදී සඟවා තිබූ ජංගම දුරකථන තිස්පහක් සහ මුදලින් රුපියල් දස දහසක් පමණ මුදලක් සහ මාංචු යතුරු විස්සක් පමණ සොයාගෙන තිබේ.
එම භාණ්ඩ ඉදිරි නඩු කටයුතු සඳහා පොලිස් විමර්ශන
කොට්ඨාශයට භාරදීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.
