චම්පිකා මුතුකුඩ
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් කරගත් Truth Media International සමාගමෙහි ලේකම් ධුරයට මාධ්‍යවේදී බුද්ධික වීරසිංහ මහතා පත්වී තිබේ.
” Truth Media International ” මාධ්‍යකරණය හා සම්බන්ධ ජාත්‍යන්තර සමාගමකි. මාධ්‍යවේදීන්ට නිදහස් වේදිකාවක් තනා දීම , ඔවුන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය , මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය, හැකියාවන්ගෙන් පරිපූර්ණ ආධුනිකයන්ට මාධ්‍යකරණයට ප්‍රවේශ වීමට අවකාශය සකස්කර දීම මාධ්‍යවේදීන් ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් විදේශ මාධ්‍යවේදීන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම අරමුණු කරගත් Truth Media International මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් විශ්වසනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටියි . මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම, මාධ්‍යවේදීන්ට රක්ෂණ ආවරණ ලබාදීම, ඔවුන්ගේ පවුල්වල සුභසාධනයට දායක වීම මෙන්ම මියගිය මාධ්‍යවේදීන්ගේ පවුල්වලට උපකාර ලබා දීමද එම ආයතනයෙහි ව්‍යාපෘති අතර වේ.Truth Media International යටතේ පවත්වාගෙන යනු ලබන Truthlk වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද ප්‍රසාදය දිනා ගනිමින් භාෂා හයකින් තොරතුරු ගෙන එන ජනප්‍රිය වෙබ් අඩවියකි.

බුද්ධික වීරසිංහ මහතා Truuth Media International ආයතනයේ ලේකම් ධුරයට පත්වන්නේ වසර විස්සක පමණ මාධ්‍යකරණයේ අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකු ලෙසිනි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගන්නා ඔහු රජයේ ගුරු පුහුණුව ලබා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රජයේ සේවයට එක්වුවද ඔහුගේ සිත නිරන්තරයෙන් ඇදී යන්නේ මාධ්‍යවේදී සිහිනය පසු පසිනි.විවිධ පුවත්පත් ප්‍රකාශන සඳහා නිදහස් මාධ්‍යවේදියකු ලෙස ලිපි සපයමින් සිටි ඒ මහතා 2011 වර්ෂයේ සිය සිහිනය ජය ගනිමින් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස රිවිර පුවත්පතට සම්බන්ධ විය. එතැන් සිට කෙමෙන් සිය සිහිනය ඔස්සේ පා නගමින් විවිධ වැඩමුළු පුහුණු ලබා ගනිමින් ඔහු මාධ්‍යකරණයේ දැවැන්ත චරිතයක් බවට පත්වන්නේ සිය විශිෂ්ට දැනුම් ගබඩාව දිනෙන් දින පුළුල් කරගනිමිනි. ඉන්පසුව ලේක් හවුස් ආයතනය සමඟ සම්බන්ධ වන ඔහු අද දක්වාම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස දිණමිණ Daily news ආදී පුවත්පත්වලට සම්බන්ධව කටයුතු කරයි.

2021 වර්ෂයේ Transperancy international sri lanka ආයතනය සමඟ සම්බන්ධ වන හෙතෙම ඉන් ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ සීමිත ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ කුලකයට එක්වෙයි. එතැන් සිට ගවේෂණාත්මක මාධ්‍යකරණය නගා සිටුවීමේ පිපාසයකින් පෙළෙන ඔහු සිය මාධ්‍ය ජීවිතය ඒ වෙනුවෙන් කැප කරමින් විවිධ අවස්ථාවන් අත්හදා බැලූ බැලීමට උත්සාහ කරයි.
IREX ආයතනයෙන් මෝජෝ වාර්තාකරණය හදාරා තවත් මාධ්‍ය ආයතන ගණනාවක් සමග විවිධාකාරයෙන් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට වීරසිංහ මහතා සමත් වෙයි. දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ලෙසින් හා සාම විනිසුරු (දිවයිනටම) ලෙසින් උපන් බිමට සිය සේවය ලබාදෙන ඔහු නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සේවය කරන ආරක්ෂක හා උපදේශක සංගමය ( Association of Defence Counsel Practising Before the International Courts and Tribunals (ADC-ICT) සාමාජිකයෙකු ලෙසද ක්‍රියා කරයි.
බුද්ධික වීරසිංහ මහතා උපන් ප්‍රදේශය වන දොඩන්දුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සමාජ සේවකයෙකි.2011 වර්ෂයෙහි සිට මේ දක්වාම ප්‍රදේශයේ දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන සමාජ සේවා ආයතනයක් වන ගුණ ජය සතුට පදනම (Foundation of goodness ) ට සම්බන්ධව සිය දැනුමින් මතු පරපුර පෝෂණය කරන හෙතෙම හික්කඩුව බරණසූරිය ළමා නිවාසයෙහි සභාපතිවරයා ලෙසද වරක් කටයුතුු කළේය.
මේ වනවිට නෙදර්ලන්තයේ Stitching Mission Lanka ආයතනයේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන බුද්ධික වීරසිංහ මහතා මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙසින්ද කටයුතු කරයි. හෙතෙම නීති ශිෂ්යයෙකුලෙස විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිය (LLB) ද හදාරමින් සිටින්නෙකි. ඔහු Truth Media International ආයතනයේ ලේකම්වරයා ලෙස පත්වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය ලත් විශිෂ්ට ජයග්‍රහණයකි.


