විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයට හේතුව හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා

සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ තාක්ෂණ පිඨයේ  දෙවැනි වසරේ ශිෂ්‍යයෙකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට පළවෙන තොරතුරු සත්‍ය දැයි  සෙවිමට ව්ශ්ව ව්ද්‍යාලය ව්සින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය .

චරිත් දිල්ශාන් නම් මෙම සිසුවා ඊයේ (30) පුස්සැලාව ප්‍රදේශයේ ඔහුගේ නිවසේදි සිය දිවි නසාගෙන තිබ්ම ගැන ඔහුගේ මව පුස්සැල්ලාව පොලිසියට පැමිණිළි කර තිබුණි .එම පැමිණිල්ලට අදාළව පුස්සැල්ලාව පොලිසියේ දැනුම් දිම ගැන බලන්ගොඩ සමනලවැව  පොලිසියද පරික්ෂණයක් ආරම්භ කර තිබේ  .

මෙම සිසුවා මේ වසරේදි ව්ශ්ව ව්ද්‍යාලයට පැමිණ දේශන සඳහා සහභාගී වි නොමැති බවද, ඔහු ඉගෙනුම ලබන ව්ෂයන් අන්තර් ජාල පන්ති මගින් ඉගෙනුම ලබා ඇතැයි ද උප කුලපතිවරයා පැවසිය.තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ දේශන ඔන් ලයින් ක්‍රමයට සිදු කර තිබේ.

පසුගිය 27 වනදා ව්ශ්ව ව්ද්‍යාල සිසුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා මියගිය සිසුවා 26 වනදා නේවාසිකාගාරයකට පැමිණ ඇතැයි තමා කළ සොයා බැලිමකදි අනාවරණය වු බවත් ,එහෙත් සිසුවා ව්ශ්ව ව්ද්‍යාලයට පැමිණිම ගැන ලේඛන ගතව නැති බවත් උප කුලපතිවරයා පැවසිය.

මෙම සිසුවා ව්ශ්ව ව්ද්‍යාලයට පැමිණි පසු නවක වදයකට ලක්වුණේ දැයි සෙවීමට අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව ද එම පරික්ෂණයේ නිගමන අනුව තීරණ ගන්නා බවද උප කුලපතිවරයා සදහන් කළේය .

ව්ශ්ව ව්ද්‍යාල සිසුවාගේ සිය දිවි නසාගැනිමට නවක වදය බලපෑවේ නම් ඊට සම්බන්ධ සිසුන් අත් අඩංගුවට ගැනිම සඳහා සමනල වැව පොලිසියද පරික්ෂණයක් ආරම්භ කර තිබේ .

චරිත් දිල්ශාන් සිසුවා මියයැමට පෙර ලියු ලිපියකින් ඔහු මානසික පිඩනයකින් සිටි බව සදහන් කර තිබේ. එම මරණයෙන් පසු ඔහුගේ සමවයසේ ව්ශ්ව ව්ද්‍යාල සිසුවියක් සමාජ මාධ්‍යට මුදා හැර තිඹු පණිවිඩය ගැනද පොලිස් පරික්ෂණ වල අවධානය යොමු වි තිබේ.

එමගින් සදහන් කර තිබුණේ මියගිය සිසුවා කොට කලිසමක් හැඳ සිට නිසා නවක වධයට ලක්වු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *