බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක්

 චම්පිකා මුතුකුඩ

නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.  

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දකුණු සහ  බස්නාහිර පළාත්වලත් පුත්තලම, අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය  හැක.

 

මධ්‍යම, සබරගමුව සහ  ඌව පළාත්වලත්  හම්බන්තොට සහ  අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 මධ්‍යම සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සම  ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර  ගැනීමට අවශ්‍ය පියවර  ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *