චම්පිකා මුතුකුඩ
රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වටිනා ජිප් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හා එක්කෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය මහජන සහාය පතයි.
මෙම පුද්ගලයා විසින් රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් ( 16,500,000/=) වටිනා ජිප් රථයක් කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී සොරකම් කර ඇති බව සඳහන් වේ. 2023.12.18 දින වාහනයක් ලබා දෙන බව පවසා එක්කෝටි විසිපන් ලක්ෂයක ( 12,500,000/=) මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන්ද මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.
එහෙත් තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම සැකකරු ව්‍යාජ නම් කිහිපයකින් පෙනී සිටින බවට තොරතුරු ලැබී ඇත.
ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් වැදගත් පුද්ගලයෙකු ලෙස හැසිරෙන මොහුට විවිධ භාෂා හැසිරවීමේ හැකියාවක් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
ජා.හැ.අංක 761850466 V දරණ රෆික් මොහොමඩ් ෆාරිස් නැමැත්තෙකු වන මොහු 1976.07.03 වන දින උපන් බව කියැවේ.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735
ස්ථානාධිපති, විමර්ශන ඒකක (05) 071-8596507
