කොලින් හරිෂ්චන්ද්‍ර
අද දින (29/04) -ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රවනාගාරයේදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුණි.
ලෝක ජනමාධ්‍යය දිනය හා සමගාමීව ශ්‍රී ලංකා කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා වැඩසටහන අද දිනයේ සාර්ථකව පැවැත්විණි.
එහිදී කතෘ සංසදය නියෝජනය කරමින් මන්දනා අබේවික්‍රම මහත්මිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් සරෝජ් පතුරන මහතා ශ්‍රී ලංකාව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංසදය නියෝජනය කරමින් දුමින්ද සම්පත් මහතා හා අදහස් දැක්වූ අතර සිලෝන් පුවත්පතේ සමකර්තෘ ගගනී වීර කෝන් මහත්මිය විසින් මෙහෙයවිය.
වෘත්තීය මාධ්‍යවේදීන් හා නිදහස් මාධ්‍යවේදීන් යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාකච්ඡාව ඉතාමත් සාර්ථකව නිම කරන ලදී.

