ලක්මිණි නදීෂා
02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට (02 nd Asian Gogasana Sport Championship ) ශ්රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගෙන අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ
මෙම තරගාවලිය ආසියානු රටවල් 21 ක ක්රීඩක ක්රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර , ඉන්දිරා ගාන්ධි ක්රීඩාංගණයේ දී ඉකුත් 25 දින සිට 27 දින දක්වා පවත්වා තිබුණි.
එහිදී මෙම තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙකු සහභාගී වූ අතර , ඔවුන් අතරින් 10 දෙනෙකුම මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.ඔවුන් සියලු දෙනාම පාසැල් සිසුන් වීම ද විශේෂත්වයකි.
මෙම ජයග්රාහි ක්රීඩකයන් පිරිස අද උදෑසන 08.53 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ශ්රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් සහ ශ්රි ලංකා යෝගාසන ෆෙඩරේෂනයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.
