සමන් පෙරේරා
අග්බෝ ඇතා තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් පුංචිකුලම විදුහල් භූමියට ඉකුත් 27 වන ඉරිදා දින දහවල් 12.00 ට පමණ පැමිණ තිබේ.
අග්බෝ ඇතා පාසල් වත්තේ ගොඩනැගිලි අතරින් පැමිණ පාසල් වත්තේ එහා මෙහා ඇවිද ගොස් ඇතත් කිසිදු ගොඩනැගිල්ලකට හෝ පරිසරයට හානියක් සිදු කර නොමැත. සෙමෙන් සෙමෙන් පාසල් වත්තේ ඇවිද ගිය අග්බෝ ඇතා පාසලේ ඉදිරිපිට වූ වැටෙන් පැන පුංචිකුලම වැවට ගොස් තිබේ. ඒ අතරතුර පුද්ගලයෙකු පසුපස එළවීමට උත්සාහ ගෙන ඇති බවද ගම්වාසීහු පවසති.
එදින පාසල් නිවාඩු දිනයක් වු හෙයින් ගැටලුවක් නොවූ අතර පාසල පැවැත්වෙන සතියේ දිනක මේ ආකාරයෙන් මහ දවල් ඇතා පැමිණිය හොත් දරුවන්ට දැඩි අවධානමක් ඇතිවන බව දෙමාපියෝ පෙන්වා දෙති.
මේ දිනවල තිරප්පනේ පුංචිකුලම , සෙම්බුකුලම යන ගම්මානවල අග්බෝ ඇතා සැරිසරන බව ද ප්‍රදේශවාසීහු කියති.


