ඩෙංගු නිසා රෝහල් සේවාව බිඳ වැටීම වැළැක්වීමට පියවර

අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර මහ නගර සභා බලසීමාවේ අධික ඩෙංගු වසංගත තත්ත්වය නිසා ඩෙංගු මදුරු උගුල් වනසා දැමිමට යුධහමුදාවේ ගැමුණුහේවා බළ ඇණියේ නිලයන් සහ සෙබලුන් අසුවක කණ්ඩායමක් යෙදවූ බව පළාත් ආණ්ඩුකාර චම්පා ඡානකි රාජරත්න මහත්මිය පැවසුවාය.

පසුගිය අප්‍රේල 26දා වන විට රත්නපුර දිස්ත්‍රක්කයෙන් ඩෙංගු රෝගීන් 1465  හමුව ඇතිබව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය. ඒ අතුරින් රත්නපුර මහනගර සභා බල ප්‍රදේශයේ රෝගීන් 443 ක්  බවට ද  හදුනාගෙන ඇත. රත්නපුර මහ රොහලේ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 166ක් ඩෙංගු වැළදි ඇති නිසා රෝහල් සේවා අඩාල නොවි පවත්වාගෙන යාමට රත්නපුර හෙද විදුහලේ පුහුණුව අවසන් කළ හෙද සාමාජිකයින් 50ක් රත්නපුර මහ රෝහලට බදවා ගන්නා බව ද, තවත්  හෙද කාර්ය මණ්ඩලයේ දහ දෙනෙක් කොළඹ අවට රෝහල්වලින් ගෙන්වා ගැනිමට  පියවර ගත් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *