අජිත්ලාල් ශාන්තඋදය
මහර අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකත් කරනු ලැබූ කාන්තාවක් වෛද්‍යවරියක ලෙස ව්‍යාජව පෙනි සිටිමින් රත්නපුර නගරාසන්න නිවසක සිටියදී රත්නපුර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් 26දා අත්අඩංගුවටගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ උඩවළව, දකුණු ඇල පරණ පාරේ පදිංචිකාරයකි. ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය උපාධියක් ලබා ඇති බවට කූඨ ලේඛන සකස් කිරිම සහ ගණිකා වෘත්තීයේ නියැලිම යන චෝදනා යටතේ මහර උසාවියේ 606/20 දරණ නඩුවට පෙනි නොසිටිම සම්බන්ධයෙන් විවෘත වරෙන්නතු ලැබු තැනැත්තියක බව පොලීසිය සදහන් කළේය.
ඇය මේවසරේ ජනවාරි මාසයේ සිට රත්නපුර, හිදැල්ලන, පනුකුරෑපිටිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන ඇති බවද විමර්ශන වලදි හෙළිවු බව පොලිසිය කීවේය.
සැකකාරිය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇය සන්තකයේ තිබී වෛද්‍යවරුන් පළදින නිල් පැහැති නිල ඇදුමක් ද, වෙද නලාවක්ද, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බව සදහන් සමරු ඵළක, රන්පාට සම්මානද සමග වෛද්‍ය උපාධිය සදහන් සමරු ඵළකයක් ද අත්අංඩංගුවට ගෙන තිබේ.
රත්නපුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
