කහ ඉර මතදී දහම් පාසල් දරුවා අනතුරට ලක් කර ලක්කර පලා ගිහින්.

රංජන් මඩගම්මන- 

ඇහැලියගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී මදරසිංහාරාම විහාරස්ථානයේ – ශ්‍රී ධර්මපාල දහම් පාසලෙහි  ශිෂ්‍යයෙකු උදෑසන දහම් පාසලට පැමිණීමට කහ ඉර පනින අවස්ථාවේදී  ත්‍රීවීල් රථයක් දරුවා අනතුරට ලක්කර පලාගොස් තිබේ.

     අනතුරට පත් දරුවා දහම් පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකි. දහම් පාසල ඉදිරිපිටම ඇති කහ ඉර මත මෙම අනතුර සිදුඅ ඇති අතර දරුවාගේ  පාදයට සිදුව ඇති තුවාල හේතුවෙන් ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත..

අසල වූ CCTV කැමරාවක අනතුර සිදුවූ ආකාරය හා පලාගිය ත්‍රීවිල් රථය පිළිබඳ දර්ශන සටහන් වී තිබුණි.අනතුරට ලක් කරන ලද ත්‍රිවිල් රථය සහ රියදුරා මේ වන විටඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.කුමාර  මහතාගේ ප්‍රධානත්වයෙන්  පරීක්ෂණ පවත්වනු ලබයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *