පාතහේවාහැට නිවාස රැසකට සුළඟින් හා වර්ෂාවෙන් හානි 

හේවාහැට චම්පික දසනායක 

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පසුගිය 26දා සවස් කාලයේ ඇදහැළුණු වර්ෂාව හා ඒ සමගම ඇතිවු දැඩි සුළං තත්වය හේතුවෙන් ගම්මාන ගණනාවක නිවාස වලට හානි සිදුව ඇත 

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මීරුප්ප ඇලිකේවෙල හේවාවිස්ස නැගෙනහිර හා බටහිර යන ග්‍රාම සේවා වසම්වල නිවාස දහයකට පමණ මෙලෙස හානි සිදුව තිබේ 

වර්ෂාව සමග ඇතිවූ සුළං සමග නිවාස රැසක වහලය මත ඇති සෙවිලි තහඩු සුළඟට ගසාගෙන ගිය බව ගම්වාසීන් සඳහන් කරති  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *