අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් තව දුරටත් කාලගුණයට බලපෑම්.

 චම්පිකා මුතුකුඩ

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු වර්ධගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

අද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

බස්නාහිර පළාතේත් පුත්තලම මන්නාරම යාපනය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

 

මධ්‍යමය සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව, මුලතිව්, කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සීයක පමණ තද වැසී ඇතිවිය හැකිය.

 මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *