දහයෙන් පළමුවැන්න හක්මන කෝංගල අභය මධ්‍ය  මහා විද්‍යාලයේදී

වැලිගම  තරංග ගුණරත්න 

මාතර මාධ්‍යවේදීයෝ දසවන සංවත්සරයට සමගාමීව  සිදු කළ පළමු වැඩසටහන අතිසාර්ථකව පැවැත්වෙි .

“ඔබ වෙනුවෙන් අපි’ තේමාව මුල් කරමින් නිර්මාණය වු මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දස වසරක් සපිරිම නිමිති කොට ගෙන සංවිධානය කරනු ලබන ‘දහයට දහයක්’ (10ට10ක්) වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍ය ඒකක පිහිටි පාසල් වල සිසුන් දැනුමෙන් සන්නද්ධ කිරිමේ “මාධ්‍ය ප්‍රඥාසාර” මාධ්‍ය වැඩමුළුව අද(24) දිනය පුරා හක්මණ කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලයේදි පැවැත්විණි.

පුවත්පත්,ගුවන්විදුලි හා රූපවාහිනි යන ක්ෂෙත්‍ර තුන ඔස්සේ පුවත් වාර්තා කිරිමේදි අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබදව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව  සිසුන් දැනුම්වත් කිරිම මෙහිදි සිදු විය.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සමාජිකයින් විසින් නොමිලයේම  තම සම්පත් දායකත්වය ලබා දෙමින් මාතර දිස්ත්‍රික්කයේ දුදරුවන් මාධ්‍ය පිළිබද දැනුමෙන් සන්නද්ධ කිරිමේ අරමුණ ඇතිව පවත්වනු ලබන මෙම ‘මාධ්‍ය ප්‍රඥාසාර ‘වැඩසටහන මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි මාධ්‍ය ඒකක පවතින හෝ මාධ්‍ය ඒකක පිහිටවිමට බලාපොරොත්තු වන පාසල් තුළ පැවැත්විමට මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය සුදානමින් සිටි.

මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ජේ.ජී, අමරදේව , මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණය හා මාධ්‍ය විෂය භාර අධ්‍යක්ෂක   තරංගා දිල්රුක්ෂි මහත්මිය සමග විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසුන්ගේ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක්  එක්ව සිටියහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *