මෝටර් රථ අනතුරකින් නවමස් සිඟිත්තියකට දිවි අහිමි වෙයි.

යසංග මහවිතාන

අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් ඇති බව වාර්තාවේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙනි. ඊයේ (23)  පස්වරුවේ මෙම අනතුර සිදුව  ඇති බව පොලීසිය පවසයි.

අනතුර වු අවස්ථාවේ කාර් රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා සිඟිති දැරියක ගමන් ගනිමින් සිට ඇත. අනතුරින් දැරිය තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරු කර යවා තිබේ.අක්කරපත්තුව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී දැරිය මෙලෙස මියගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අට්ටාලච්චේන 05 ප්‍රදේශයේ විසූ  මාස 09 ක් වූ  සිඟිත්තියකි.

තිරුක්කෝවිල් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *