රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුන් දෙනකු ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රත්නපුර දිස්තිුක්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයිද රත්නපුරයේ අද (24) පැවති සාකච්ඡාවකදී හෙළි විය
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1311 ක් වාර්තා වී තිබේ.
රත්නපුර ශීක්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරුන් තිදෙනෙක් (3), වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනෙක් (2), හෙදියන් විසිතුනක් (23), ඖෂධවේදීන් ඵක් අයෙක් (1), සෞඛ්‍ය කාර්ය සහයකයින් හැට හතරක් (64), ආරක්ෂකයින් හතරක් (4), පවිත්‍ර සේවකයින් පහළොවක් (15) ක් වශයෙන් 143 ක් මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී සිටිති.
රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව පිහිටි ලය රෝහලේ සෞඛ්‍ය සේවකයින් දාහතරක් (14) හා ඔසු ගබඩාවේ තිදෙනෙක් (03) ද ඩෙංගු රෝගයට ලක් වී සිටිති.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙතෙක් බහුලව ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇත්තේ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවාගෙනි.
නමුත් මෙවර බහුලව ඩෙංගු කාරක මදුරුවා වී ඇත්තේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවාය.
ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත කිරිමේ හැකියාව ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවාට වඩා ඊඩිස් ඊජිප්ටයි සතුව පවතී.
ඊඩිස් ඊජිටයි මදුරුවා විසින් පරිසර පද්ධතියට මුදාහරින කීටයන් තුල පවා ඩෙංගු වෛරසය පවතින බව මෙම සාකච්ඡාවේදි අනාවරණය විය.
රත්නපුර 376 ක්, බලංගොඩ 110ක්, කහවත්ත 109ක්, කුරුවිට 82ක් ආදී ලෙස රත්නපුර දිස්ත්‍රික්කය පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
රත්නපුර ශික්ෂණ රෝහලේ එකවර ඩෙංගු රෝගීන් 120 ක් ප්‍රතිකාර ලබා ගත හැකි විශේෂ වාට්ටු සංකීර්ණ දෙකක් ද මේ වන විට ස්ථාපිත කර තිබේ.
රතනපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙද්‍ය අනෝජ් රුද්‍රිගෝ මහතා සදහන් කළේ පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ කසල බැහැර කිරිමේදි රතනපුර ප්‍රදේශයේ ජනතාව වඩාත් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි. තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනිම ගැන මේ දිනවල වඩාත් අවධානයෙන් පසුවෙන ලෙස ඒ මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටි.
