වැලිගම තරංග ගුණරත්න
මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ආරම්භ කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන 10ට 10ක් වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් මාධ්‍ය ඒකක දැනුවත් කිරීමේ වැඩමුළුව අප්‍රේල් මස 24 වන දින හක්මණ කෝංගල ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතය
දිවයිනේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත ප්රවෘත්ති සපයන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් විශිෂ්ට සංවිධානයක් වන මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ආරම්භ කොට වසර දහයක් සපිරේ.
ඒ වෙනුවෙන් දහයට දහයක් ලෙස විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය
එහි පළමු වැඩසටහන ලෙස පාසල් දරුවන් සඳහා නොමිලයේ පවත්වනු ලබන මෙම පාසල් මාධ්‍ය වැඩමුළුව ” මාධ්‍ය ප්රඥාසාර ” නමින් ක්‍රියාත්මක කෙරේ.
එ යටතේ පාසල් මාධ්‍ය ඒකක දැනුවත් කිරීමේ වැඩමුළුව අප්‍රේල් මස 24 වන දින පෙරවරු 8:00 සිට හක්මණ කෝංගල ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතය
එ සදහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ ප්‍රවීන මාධ්‍යවේදීන්ගේ සම්පත් දායකත්වය මත වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන සම්බන්ධ වැඩි විස්තර
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් යසන්ත ආරියසේන මහතා ගෙන් ලබාගත හැකිය. -0715977026
