පුදුකුඩිඉරිප්පුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි.

වවුනියාව මාධව කුලසූරිය.

පුදුකුඩිඉරිප්පු,පුදියකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවෙකු ඊයේ(23) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර 330 ක් කසිප්පු ලීටර 20 ක් හා කසිප්පු පෙරීමට යොදාගත් බැරල් ඇතුළු උපකරණ තොගයක්  අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු,ගෝඩා හා කසිප්පු තොගය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසූහ.

වැටලීම සිදුකිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් තිබු අතර,පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *