චම්පිකා මුතුකුඩ
අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙනතිබේ.
එම රැඳවියා රැගෙන යාමට උත්සාහ කරන විට එක් වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.
නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තබා තැබීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවිය.වෙඩි තැබීමෙන් පසුව නොසන්සුන්තාවය තරමක් දුරට පාලනය වී තිබේ.
