අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර මහ නගර සභා සීමාව ඩෙංගු රෝග වසංගත තත්ත්වයකට පත්ව ඇති බව රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩිරිගෝ මහතා පැවසුවේ ය.
රත්නපුර ළය රෝහල, ශීක්ෂණ මහ රෝහල සහ ඒ ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින යෝජිත වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම වැඩි බව ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
විශේෂඥ වෛද්‍යවරයෙකුට ද ඩෙංගු රෝගය වැළදි ඇති අතර සුළු සේවා කාර්ය මණ්ඩලය, රසායනාගාර නිලධාරීන්, , කාර්යාලීය කාර්ය කාර්ය මණ්ඩලය, විකරණවේදි තාක්ෂණ නිලධාරින්, හෙද නිලධාරින්, වෛද්‍යවරුන් මෙන්ම සායන සදහා එන රෝගීන් ද වාට්ටුවල නැවතී සිටින නේවාසික රෝගීන් මෙන්ම ඔවුන්ගේ සාත්තුවට ළග සිටින නිරෝගී පුද්ගලයන්ද ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවද කීවේය.
රත්නපුර ශීක්ෂණ මහ රෝහල් සහ ළය රෝහල ආසන්නයේ ඉදිවෙමින් පවතින වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ සිය දෙනෙකුට වැඩියෙන් ඩෙංගු රෝගයට ගොදුරුව සිටිති. ඉන් වැඩි පිරිසක් පිටස්තර දිස්ත්‍රික්ක වල අයයි.
මේ වනවිට නගරයේ පාසල් බලධාරින් හරහා දරුවන් සහ මව්පියන් ඩෙංගු රෝගය සම්බන්දයෙන් දැනුවත් කර ඇති බව ද කීවේය. සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකායක් වහාම ස්ථාපිත කර රෝග මර්ධනය කිරීමේ වැඩපිළිවෙළකට යන බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.
රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශය හෙක්ටයාර් 2218.4කි. ලක්ෂයකට ආසන්න පිරිසක් එහි ජීවත් වෙති. දිනකට පිටස්තරින් මහ නගර සභා සිමාවට දෙලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණෙන බව අනුමාන කෙරේ. ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල වසර මුළුල්ලේම පැතිර යෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී ) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වේ.

