මීළඟ පාප් වහන්සේ පත්කර ගැනීම දින 15 කට පසුව

එස්.රත්නායක

අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම ධූරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරා ගැනීමට දින 15ක් ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව පාප් වහන්සේ තෝරා ගන්නා තෙක් කතෝලික පල්ලියේ වැඩ බලන  ප්‍රධානියා ලෙස පාප්තුමාගේ මූල්‍ය ලේකම් භාණ්ඩාගාරික කාදිනල් කෙවින් ෆැරල් පියතුමන් කටයුතු කරනු ඇත.

පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දයට හිමිකම් ලබනුයේ වයස අවුරුදු අසූවට අඩු කාදිනල් වරුන්ට පමණක් බව එම විදෙස් ආරංචි සනාථ කරයි. කාදිනල් වරු 252 ගෙන් 138 දෙනෙකු සඳහා නව පාප් වහන්සේ තෝරා ගැනීමට ඡන්දය භාවිතා කළ හැකි බව  එම විදෙස් තොරතුරු තහවුරු තහවුරු කරයි. ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානයේදී සිදුවන අතර බොහෝ දුරට කාදිනල් වරයෙක් නව  පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට ඉඩ තිබෙන බව එම විදෙස් තොරතුරු වාර්තා කරයි.නව පාප් වහන්සේ කෙනෙකු සඳහා තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙන තුරු කාදිනල් වරුන්ට සිස්ටයින් දේවස්ථානයෙන් පිටව යාම හෝ තාක්ෂණය වෙත පිවිසීම තහනම් වනු ඇති බවත් එම විදෙස් වාර්තා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *