නීති විරෝධිව වැලි ගෙන ගිය ටිපර් රථයකට වෙඩි.සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය.

නීති විරෝධිව වැලි පටවාගෙන ගිය ටිපර් රථයක රෝදයකට වෙඩි තබා නවත්වා නීති විරෝධි වැලි ජාවාරම සිදුකළ දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි ජාවාරම්කරුවන් නීති විරෝධි වැලි පැටවු ටිපර් රථයකින් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් අනතුරට ලක්කොට පළා යාමට උත්සහ කොට ඇති බවයි.

අදාළ අවස්ථාවේ පොලිස් නිළධාරීන් ටිපර් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවත්වාගෙන ඇති අතර,ටිපර් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් පුද්ගලයෙකු එහිදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ටිපර් රථය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *