පරිසරයට ආදරය කරන්නන්ගෙන් පෙත්සමක්

කොලින් හරිශ්චන්ද්‍ර

මහනුවර දළදා වීදියේ අකාලයේ රූස්ස ගස් වනසා දැමීම හා අලි ඝාතනයට එරෙහි මහජන පෙත්සමක් අත්සන් කරන ලදී.  

රූස්ස ගස් අකාලයේ විනාශ කර දැමීම හා අලි ඇතුන් ඝාතනයට එරෙහිව මහජන පෙත්සමක් පසුගිය 20 දින මහනුවර දළදා වීදියේ සම්පත් බැංකුව ඉදිරිපිටදී අත්සන් කරන ලදී. වන අලි සංරක්ෂණ සංසදය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට අති විශාල ජන සමූයක් සහභාගී වූහ. 

මෙම පෙත්සම මගින් වනජීවී සංරක්ෂණය හා පාරිසරික සංරක්ෂණය පිළිබඳව ජනතාවගේ උනන්දුව හා කැක්කුම පෙන්නුම් කරන අතර, අනවශ්‍ය ලෙස ගස් කැපීම හා වනජීවී ඝාතනය වැළැක්වීම සඳහා අදාළ බලධාරීන්ගේ නෙත් යොමු කර ඊට අදාළ නිසි පියවර ගැනීමට ඉල්ලා සිටීම ප්‍රධාන අරමුණ වේ.  

මහජනයාගේ උද්ඝෝෂණය මගින් පරිසර සංරක්ෂණය පිළිබඳ සමාජයේ ඉහළ අවධානය යොමු වී ඇති බවත්, මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගත පරපුරට ආරක්ෂිත පරිසරයක් ලබා දිය හැකි බවත් සංවිධායකයෝ අවධාරණය කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *