චම්පිකා මුතුකුඩ
ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මහනුවර දක්වා ගමන් කරන සැදැහැවතුන්ගේ ගමනාගමන පහසුව තකා තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව, අද (19) සිට 28 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන් එක් දුම්රියක් සෑම දිනකම පස්වරු 07.55ට කොළඹ කොටුවෙන් ආරම්භ කර මහනුවර දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර,පස්වරු 10.27 පමණ එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.එය නැවත රඹුක්කනින් ගමන් ආරම්භ කරනුයේ පස්වරු 10.40ටය. මධ්‍යම රාත්‍රී 12.00ට පමණ එය මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය
තවත් දුම්රියක් සෑම දිනකම පස්වරු 8.30ට මහනුවර සිට කොළඹ බලා ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර, එම දුම්රිය පස්වරු 09.50ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව තිබේ. එය පස්වරු 10.35ට රඹුක්කනින් යළි කොළඹ බලා ගමන් නැරඹීමට නියමිතය
මෙම දුම්රිය අළදා ප්‍රදර්ශනය පැවැත්වෙන අප්‍රේල් 28 වෙන දින දක්වාම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු සලස්වා තිබේ.
