නෑ ගමන් යන අතරේ වෑන් රිය ගසක හැපී පුද්ගලයකු අවසන් ගමන් යයි.

 සමන් පෙරේරා  

කුරුණෑගල ප්‍රදේශයේ සිට කහටගස්දිගිලිය ප්‍රදේශයට අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මිහින්තලය පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමල A12 මාර්ගයේ අඹගහවෙල ප්‍රදේශයේ කි.මි 100 ත් 101 ත් කණු අතර අඹගහවෙල මාර්ගයේ දී ඊයේ (17) සවස සිදු වූ රිය අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.

වෑන් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන්  මාර්ගයෙන් ඉවතට පැන හුරී ගසක වැදි සිදුවූ මෙම අනතුරින් වෑන් රථයේ ඉදිරි වම් පස ගමන් ගත් 85 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට මිහින්තලේ පොලිසිය පැවසී ය.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 28,වලපිටිය වත්ත, ඉපලව, යටිකදුරුව, මාස්පොත යන ලිපිනයේ පදිංචිව සිටි තලකැටයගේ පියසේන නැමති 85 වියැති පුද්ගලයෙකි.

වෑන් රථය මිහින්තලය දෙස සිට කහටගස්දිගිලිය දෙසට ගමන්කරන අවස්ථාවේදී එක්වරම මාර්ගයේ වම්පසට ගොස් වම්පස වැලි තිරුව දිගේ මීටර් 55 ක් පමණ ඉදිරියට ගොස් ඇත. පසුව නැවත මාර්ගයේ දකුණු පැත්තට වෑන් රථය ගැනිමට යාමේදි මාර්ගය හරහා වෑන් රථය දකුණු පසට ධාවනය වී එම ස්ථානයේ තිබූ හූරී ගසට ගැටී මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මිහින්තලේ පොලිසීය කීය.

අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුලු වෑන් රථයේ පිටුපස ගමන් කළ රියදුරුගේ බිරිද හා තවත් ඥාති කාන්තාවක් තුවාල ලබා තම්මැන්නෑව රජයේ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්  මිහින්තලේ පොලිසීය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *