ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණිට රිදී පදක්කම්.

එස්.රත්නායක

හයවැනි ආසියානු යොවුන් ක්‍රීඩාා උළෙලේදී ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු සිය ඉසව්වන්හි රිදී පදක්කම්  වලට හිමිකම් කීමට සමත් වූහ. ජනිත්ලක්ෂාන් වයස අවුරුදු දහ අටෙන් පහළ තුන් පිම්ම තරග ඉසව්වෙන් මි.15.10 ක  දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි. ලක්ෂාන් සිය ඉසව්වේ උපරිම දක්ෂතාවය මෙහිදී පෙන්නුම් කර ඇත.

ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු දහ අටෙන් පහළ මීටර් 100 බාලිකා ඉසව්වෙන්  රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.

 

මෙම තරගාවලිය සෞදි අරාබියේ දමාම් නුවරදී  අප්‍රේල් 15 වැනි දා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා පිටත්ව ගියහ.තරගාවලිය රටවල්  31 සහභාගිත්වයෙන් පැවැත්වේ.

2023 වර්ෂයේ ටෂ්කා නුවර දී පැවති පස්වැනි යොවුන් ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා ගැනීමට හැකි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *