යසංග මහවිතාන
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.මෙම සහනය අදාළ වන්නේ නැවුම් කිරි අවම වශයෙන් සියයට පනහක් වත් අඩංගු නිෂ්පාදන වලට පමණක් බවද අවධාරණය කර තිබේ.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරනු ලැබීය.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊට සිය අත්සන යොදනු ලැබුවේ අප්‍රේල් 11 වන දිනය.ඒ අනුව එකතු කළ අගය මත බදු සංශෝධන පනත එදින සිට බලාත්මක වේ.
මෙම පනත පදනම් කර ගනිමින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.
නව පනතට අනුව අනේවාසික පුද්ගලයන් පුද්ගලයනපුද්ගලයන්ට සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු පැනවේ. විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන්වලට VAT බද්ද අදාල වේ . ඔක්තෝබර් පළමුවැනි දින සිට මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.
වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබේ.
