යසංග මහවිතාන
අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙන බව පොලිසිය පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇත.
ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
