යසාංග මහවිතාන
ඉතිහාසගත අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණ තිබේ .
මෙසේ ඔවුන් සංචාරයේ නිරත වූයේ ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගමේ රොකට්ටුවකිනි .
“පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙන් කේට් සිය අත්දැකීම ප්‍රකාශ කළාය.. ගුවන් ගමන මිනිත්තු 11 ක් පමණ පැවතිණි. චාරිකාවට සහභාගී වූ පිරිස පෘථිවියට කිලෝමීටර 100 කට වඩා (සැතපුම් 62) වැඩි දුරක් ගෙන යනු ලැබිණි. ජාත්‍යන්තරව පිළිගත් අභ්‍යවකාශ සීමාව තරණය කර ඔවුන්ට ” බර අඩුකමේ මොහොතක් ” ද ලබා දීමට සංවිධායකයෝ කටයුතු කළහ. .
පොප් ගායිකා කේටි පෙරී ( Katy Perry ) , බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස් ( Lauren Sanchez ) , නාසා රොකට් විද්‍යාඥ අයිෂා බෝව් (Aisha Bowe ) , සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිණී අමන්දා න්ගුයෙන් ( Amanda Nguyen ) සහ චිත්‍රපට නිෂ්පාදක කෙරියෑන් ෆ්ලින් ( Kerianne Flynn ) , CBS නාලිකාවේ ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නිය ( Gayle King ) මෙම චාරිකාවට සහභාගී වූහ.
