රියැදුරුට මරු කැඳවූ කැඳවූ අග්බෝපුර රිය අනතුර

යසංග මහවිතාන

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී මාරාන්තික අනතුරක් සිදුව ඇති බව වාර්තාවේ. එය අග්බෝපුර පොලිස් වසමට අයත් ප්‍රදේශයකි.

අනතුරින් තුවාල ලද සංඛ්‍යාව විස්සක් පමණ වේ.ඊට  බස් රථයේ රියැදුරු හාමි කුඩා දරුවන් කිහිපදෙනෙකුද අයත්ය.තුවාල ලත් පිරිස කන්තලේ මූලික රෝහල වෙත ඇතුළත් කරන ලද අතර එහිදී බස් රථ රියදුරුජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය රියදුරා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියැවෙයි.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ධාවනය වූ කැබ් රථයක් හාමි බස් රථයක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. කැබ් රථය පසුපසින් එම දිශාවටම බස් රථයද ධාවනය කරමින් සිට ඇත. සිදුවූ අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී තිබෙන බව වාර්තා වේ.

අනතුර සම්බන්ධව අග්බෝපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *