තරංග ගුණරත්න
බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත අරක්කු බෝතල් හතළිහක් සහ බියර් බෝතල් එකසිය තිහක් ළඟ තබාගෙන සිටි අවන්හල් කළමණාකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිගම පොලිසිය පවසයි .
වැලිගම පොලිසිය ලද තොරතුරකට අනුව (12) රාත්‍රී මෙම වැටලීම සිදුකොට තිබේ.
වැලිගම පොලිස් බල ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත අරක්කු බෝතල් 40ක් සහ බියර් බෝතල් මෙම පුද්ගලයා සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙි
එහි වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බව පොලිසිය කියයි .
මෙම අරක්කු සහ බියර් මෙම අවුරුදු සමයේ වැඩිමිලට අලෙවි කිරීම සඳහා ගෙනවිත් තබා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි
මේ සම්බන්ධයෙන් එම හෝටලයේ රෙස්ටුරන්ට් කළමනාකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ ඔහු වයස 39 වන කොහුණුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මෙම වැටලීම වැලිගම පොලිසියේ ස්ථානාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත උ.පො.ප සිල්වා මහතා ,පො.කො (96510) දර්ශන ,(99147 )සූරියාරච්චි , (27604 )අරුණ ,(99364 )විජේසේකර සහ ( 23407 ) කාවින්ද යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

