සුභ උපන් දිනක් ෆටූ..!!

සමන් පෙරේරා  

ලොව වයස්ගතම ගෝරිල්ලා ලෙසින් සැලකෙන ජර්මනියේ  බර්ලින් සත්වෝද්‍යානයේ ජීවත් වන ‘ෆටූ’ නම් ගෝරිල්ලාගේ සිය 68වන ජන්ම දිනය අදට (13) යෙදී තිබේ.

 වර්ෂ 1957 දී උපත ලබා ඇති ‘ෆටූ’ ලෙස හදුන්වන මෙම ගැහැණු ගෝරිල්ලා වයස අවුරුදු දෙකේ දී පමණ (1959) ජර්මනියේ සත්වෝද්‍යානයක් වෙත රැගෙනවිත් ඇත. 

සාමාන්‍යයෙන් කැලෑවක දී ගෝරිල්ලන්ට අවුරුදු 35-40ත් අතර ආයු කාලයක ජීවත් විය හැකි අතර, සත්වෝද්‍යානයක් තුළ ඊට වඩා වැඩි කාලයක් ජීවත්වීමේ වාසනාව ඇතැයි පශූ වෛද්‍යවරු පවසයි. වයස අවුරුදු 68ක් ගෙවුණත් “ෆටූ” තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද එරට සත්වෝද්‍යාන පශූ වෛද්‍යවරුන් පවසයි.

කෙසේ නමුත් ඇය සිය වයස්ගතභාවය වෙනුවෙන් වැලඳෙන මාංශ පේශී රුදාව ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයකින් පීඩා විඳින බව ද වාර්තා වේ. එමෙන්ම ෆටූට දත් නොමැති බැවින් ඇගේ ආහාර මෘදු හා කෑමට පහසු ලෙස සකසා දීමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය කටයුතු කරයි.

“ෆටූ” ට Truthlk news අපෙන් සුබ උපන් දිනකට සුභ පැතුම්!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *