පියපුතු දෙපොළක් කපා මරලා

අනුරාධපුර කිත්සිරි වනසිංහ

රාජාංගනය පොලිස් වසමට අයත් යාය 17 , පහළමාර ගහවැව ග්‍රාමයේ දී ඊයේ (11) රාත්‍රී ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ.

හිටිහාමිලාගේ ගාමිණී යසරත්න (59) සහ හිටිහාමිලාගේ ගයාන් යසරත්න (26) යන දෙදෙනා මෙසේ ඝාතනයට ලක්ව ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ පිය පුතු දෙදෙනෙකි. සිය නිවස තුළදී මෙම දෙදෙනා ඝාතනයට ලක්ව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු දැනටමත් හඳුනාගෙන ඇතැයි රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.එස්.එස්.කේ.බස්නායක මහතා පැවසීය.

කැපුම් තුවාල සහිතව මෙම දෙදෙනා මිය ගොස් සිටි බවත් පිහියක් වැනි ආයුධයක් ආධාරයෙන් බෙල්ලට සිදු කරන ලද පහර හේතුවෙන් කැපුම් තුවාල ලබා මිය යෑම සිදුවී ඇති බවත් මූලික පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

මෙම දෙදෙනා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් දෙදෙනකු බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *