2025 හිස තෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය මහනුවර දී 

       

 

මොහොමඩ් ආසික්

2025 ජාතික හිස තෙල් ගැල්වීමේ මහෝත්සවය මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදි පැවැත්වෙයි.

2025 අප්‍රේල් මාසයේ 16 වනදා පෙරවරු 9.04 ට යෙදෙන සුභ නැකතේදී , ශ්‍ය මෝපාලි මහ නිකායේ අස්ගිරි සහ මල්වතු උභය විහාර පාර්ශවීය මහානායක මහ නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම ජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙයි.

 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයට සඳහා මහ සංඝරත්නය ඇතුළුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්   සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  හංසක විජේමුණි යන මහත්වරුන් ඇතුළුව රාජ්‍ය නිලධාරින්ද එක් වීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *