මත්ද්‍රව්‍ය ළගතබාගත්තාට රිමාන්ඩ් වුණ තරුණයා බන්ධනාගාරය තුළදිත් මත්ද්‍රව්‍ය තබාගෙන අසුවෙයි.

 

 

අජිත්ලාල් ශාන්තඋදය

අද (12) කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් හදිසි සෝදියකට  ලක්කරන ලදී.ඒ අවස්ථාවේ රැඳවියෙකු සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී ඇත්තේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ වරද සම්බන්ධයෙන් අප්‍රේල් මස 20දින දක්වා බන්ධනාගාර ගත කෙරුණ විසි අට හැවිරිදි තරුණයෙක් සන්තකයේය.

අවිස්සාවේල්ල, තල්දුව ලිපිනයේ පදිංචි වත්තේගම තලත්තැනි රාළලාගේ ලක්ෂාන් නලින්ද වත්තේගම යන සැකකරු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලිග්‍රෑම් 10ක් ළග තබාගැනීමේ චෝදනාමත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කරතිබුණි. පසුව ඔහු කුරුවිට බන්ධානාගාරය වෙත රැගෙන විත් සෙසු සැකකරුවන් සමග රදවා තිබුණි.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරින් 12දා කුරුවිට බන්ධනාගාරයේ නේවාසිකව රදවා සිටින රැදිවියන් පරීක්ෂා කිරීමේදී අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 900ක් හා හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 950ක්වු පැකට්ටු දෙකක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඒවා නඩු භාණ්ඩ ලෙස කුරුවිට පොලිස්ථානයට බාර දි තිබේ. කුරුවිට පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *