යසංග මහවිතාන
අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි පළමුවෙනිදා (1) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඊයේ දින (11)ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වේ
touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ගෙවීම් කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරු වලදී මේ වනවිට ආරම්භ කර ඇතැයි ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.
