බෙලිහුල්ඔය එස්. රත්නායක
ඉඹුල්පේ ප්‍රාදේශිය බලප්‍රදේශයට අයත් පඹහින්න පොළ භූමියට වෙන්කෙරුණු භූමිය වල් වැදෙද්දී පාර පඹහින්න කුඹල්ගම ප්‍රධාන මාර් ගය දෙපස පොළ පවත්වා ගෙන යාම මේ වනවිට අනතුරකට අතවනමින් සිටියි.එක් දහස් නවසිය අනූ ගණන්වල සිට මහජන පොළ පැවතියේ පඹහින්න කුඹල්ගම මාර්ගය දෙපස වුවත් මේ වන විට එම පෙදෙස ඉතා ජනාකීර් ණ ප්‍රදේශයක් බවට පත්ව තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලය ස්ථාපිත වීමත් සමග එහි සිසුන් හා අධ්‍යන අනධ්‍යන සේවක ප්‍රජාව සමග දසදහසකට අධික පිරිසක් සිටින අතර ප්රදේවාසීන් අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි පිරිස් එක්ව ගතහොත් විශාල පිරිසක් මෙම ප්‍රදේශය තුළ නිරන්තර ගැවසෙති.
කලක් පාර දෙපසින් පොළ භූමිය ඉවත් කොට නව ස්ථානයකට ගෙනගියත් එය අර්ධ වශයෙන් ඉදිකර තිබුණ අතර මද පහසුකම් යටතේ එහි වෙළඳාම් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෙළෙන්දෝ නැවතත් සුපුරුදු පාරදෙපස වෙළඳාමේ යෙදෙති. මෙම මාර්ගය සමනලවැව හා සමනලවැව වෙල්ල කූරගල යන ප්‍රදේශකරා පිවිසුම් මගක් වනඅතර නිරන්තර වාහන ගමනාගමනය සිදුවේ. ලක්ෂ ගණනක් වැයකර අඩක් නිමවා අතහැර දැමූ මෙම මහජන සම්පත් උපයෝජනයට නොගැනීම කාගේ වරදක්ද? අඩු පහසුකම් සහිත පොළෙහි පහසුකම් ඇති කරන්නේ කවදාද? ජීවිත අවදානමකට අතවනමින් තවදුරටත් මහජන පොළ පාර දෙපසම පවත්වනවාද? එහි වගකීම ගන්නෝ කවරහුද? ජනතාව ප්‍රශ්න කරති.





