අද වැසි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශ කිහිපයකි.

චම්පිකා මුතුකුඩ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර ,දකුණු පළාත්වල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ

 

 සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ,අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්   සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය

 

දකුණු සබරගමුව ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැක

 

සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මේ දුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සුපුරුදු පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා අප්‍රේල් මස 05 දින සිට 14 දින දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්‍ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී .අද දින දහවල් 12:11ට  හත්තිකුච්චි,  කලංකුට්ටිය ,හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *