ජන ක්‍රීඩා රකින්න ඒවා ගැන ඉගෙන ගන්න

 සමන් පෙරේරා  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංස්කෘතික නිලධාරීන් සඳහා පාරම්පරික ජන ක්‍රීඩා පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමේ  වැඩසටහනක් පසුගිය දා මිහින්තලේ උතුරු – දකුණු මිතුරු සෙවන මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

පාරම්පරික ජන ක්‍රිඩා හා සම්බන්ධ ස්වකීය දැනුම වර්ධනය කරගැනිම සඳහාත්,  සංස්කෘතික නිලධාරින් අතර ජනක්‍රීඩා තොරතුරු හුවමාරු කරගැනීමත් අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන සමාජයට මහත් ආයෝජනයක් වන්නාසේම, සමාජයෙන් ඈත්වෙමින් යන සංස්කෘතිකාංගයන් සංරක්ෂණය කිරීමටත්, ජන ක්‍රීඩා ආරක්ෂා කිරීමටත් මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් බව අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ඒ.කේ. සිරිවර්ධන මහතා කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *