අජිත්ලාල් ශාන්තඋදය
කුරුවිට සතිපොළේ ඉවතලන මාලු කොටස් අඩංගු පාර්සල් කුරුවිට පොලිස්ථානය සහ ප්‍රධාන පාර අතර තාප්පයේ පහළ කාණුවට බැහැර කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති
ප්‍රාදේශීය සභාවේ කසළ එකතු කිරිමේ දී කාණුවල ඇති කසළ එකතු කිරිමක් සිදු නොවේ. ඒ නිසා මෙලෙස කාණුවලට කසළ බැහැර කිරිම සතිපොළ දිනට පසුදින සිට දකින්නට ලැබෙන බව ද ඔවුහු කියති. සතිපොළේ එකතුවන දිරණ සහ නොදිරණ කසළ බැහැර කිරිමට ට්‍රැක්ටර් ටේලර් ස්ථානගත කර ඇතත් ඇතැම් වෙළදුන් මෙසේ අවිධිමත් ලෙස කසළ බැහැර කිරිම බරපතල පාරිසරික ගැටලුවක් බව ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවක මහත්වරු ද පවසති.
කුරුවිට නගරය ලස්සන නගරයක් කිරිමට දිරණ නොදිරණ කසළ විධිමත්ව බැහැර කරන ලෙස කොතෙක් ඉල්ලීම් කළ ද කෙනෙකු දෙන්නෙකුගේ ක්‍රියා නිසා මුලු වැඩපිළිවෙලටම බාධා වන බව සෞඛ්‍ය සේවකයෝ කියති.
