චම්පිකා මුතුකුඩ
අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසී ඇති වියහැක
සබරගමුව දකුණු මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා අප්‍රේල් මස 05 දින දින සිට 14 දින දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී . අද( 09) දින දහවල් 12:12 උයන්ගල්ල අරංගල, කෝන්ගහවෙල, මොරගහකන්ද , මඩකලපුව යන ප්‍රදේශවලට හිරු මුදුන් වේ.



