ජන හා නිවාස සංගණන වාර්තාව ජනපතිට බාරදෙයි

 තිරප්පනේ සමන් පෙරේරා  

2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කරගනිමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහනය ව්‍යාප්තව සිටින ආකාරය පිළිබඳව සවිස්තරව මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම, රජයට මෙන් ම අනෙකුත් ආයතන සඳහාද මෙම සංගණනය මඟින් රැස්  කරන ලද තොරතුරු පදනම් කරගැනීමට හැකිවීම ඉතා වැදගත් වේ. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කර තිබීම ද විශේෂත්වයක් වී ඇත.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *