යසාංග මහවිතාන
සියළු පළාත් පාලන ආයතන වල තැපැල්ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි. එම සියළුම තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී අවසන් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන මැතිවණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකැට්ටු අද (07) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා පැවසීය.පළාත් පාලන අයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා මෙසේ තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.
එම පැකැට්ටු තැපැල් දෙපාර්තමේන්තුවට ආරක්ෂිතව බාර ගැනීමටත්, නොපමාව ඒවා නියමිත ස්ථාන වලට බෙදා හැරීමටත් සියළු කටයුතු යොදා ඇති බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
තැපැපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී අදාළ පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරන බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේදීය. කොවිඩ් වසංගතය,රටේ ඇති වූ ආර්ථික බංකොලොත්භාවය ආදී හේතු නිසා එය වරින් වර කල් ගියේය. අවසානයේ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු යැයි 205 2055 ජනවාරි 27 දින අධිකරණයමගින් නියෝග කරන තුරුම පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ නැත.
අධිකරණ නියෝගයෙන් පසු 255 මාර්තු 17 සිට 20 දක්වා කාලය තුළින් නව නාමයෝජනා භාර ගැනුණි.මැතිවරණයයි හයවන දින පැවැත්වීමට කටයුතු සූදානම් විය. පළාත් පාලන ආයතන වල ආයතන වල නව දුර කාලය 2025ජූනි දෙක සිට ඇරඹීමට නියමිතය.
මෙවරක් එම මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් සංඛ්‍යාව 17,296,330 කි. මහ නගර සභාව විසි හතක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 274 ක් වශයෙන් පළාත් පාලන ආයතන 337ක් සඳහා මැතිවරණය පැවැත්වෙනු ඇත.
